Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ පිරිස් වෙත අත්ව ඇති ඉරණම පිළිබඳ අනාවරණයක්

10 months ago

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝ වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.

කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරු වන පිරිස් මූලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා,

“ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට මේවාට වගකින්න ඕනේ. සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගි වුණා. අද නව යෞවනයන් මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න ගොදුරු වෙලා. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමග පාතාල කල්ලි සමග එකතු වෙන්න පුළුවන්. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුළුවන්. ඔවුන්ට තරහ පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.

මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැළවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පාතාල කල්ලිවල සාමාජිකයන් නීතියේ

රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්ථාපනය ලබා දෙන එක”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *