Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාතාලයෙන් මාස්පතා සල්ලි ගත් මැති, ඇමතිවරුන් පිළිබඳව ජනපතිගෙන් අනාවරණයක්

11 months ago

නීතියේ බිඳවැටීම තුළ පැවැති දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අප රට විශාල ගොදුරක් බවට පත් කර තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද(17) එක් වෙමින්.

ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් විට මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි අපට මතුපිටින් පෙනෙන රාජ්‍යයට හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබු බවයි. සමාජ අපරාධවලින් ගහණය වූ යටිබිම්ගත රාජ්‍යයක් තිබූ බවත් එම රාජ්‍යය සහතික වශයෙන්ම අවසන් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එසේ නොමැතිව සංවර්ධනය ස්ථාවරභාවයක් සහිත දරුවන්ගේ අනාගතය රැකවරණය සහිත වූ රාජ්‍යයක් නිර්මාණය කිරීමට නොහැකිවනු ඇති බව කියා සිටියේය.

දැනට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අප රටේ මත්ද්‍රව්‍ය ජාලයේ සියයට 50ක ප්‍රතිශතයක් මෙහෙයවා ඇති බවත් සන්නද්ධ අපරාධ කල්ලි සියයට 75ක පමණ පිරිසක් සමඟ සබඳතා පවත්වා ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

ඔවුන් අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධාකාරයෙන් මුදල් ලබා දී ඇති බවත් ඇතැම් මන්ත්‍රීවරු, ඇමතිවරු මාස්පතා මුදල් ලබා ගෙන ඇති බවටත් තොරතුරු හෙළිව ඇත.

මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අප රට තුළ විශාල සමාජ ව්‍යසනයක් ඇති කර තිබෙන බවත් අප එය මැඩ පවත්වන බවත් එය මැඩ පැවැත්වීම සදහා අවශ්‍ය විශ්වාසයත් අභියෝගයත් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අදාළ නිලධාරීන්ට භාර දී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති, එසේම ඔවුන්ගෙන් මාස්පතා මුදල් ලබාගත් හිටපු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමාන දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සතයක් හොරකම් නොකරන නාස්ති නොකරන දේශපාලන අධිකාරියක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *