නීති විරෝධීව පතල් කැණීම් හා මැණික් ජාවාරම් කරන ව්‍යාපාරිකයකුට අවශ්‍ය පරිදි, උසස් පොලිස් නිලධාරියකුගේ සහායෙන් නීතිය නැවූ බව පැවසෙන ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පොළොන්නරුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් ලබාගෙන ලග්ගල, දේවාලදෙණිය, හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ගැරීමේ නිරතව සිටි ව්‍යාපාරිකයකුගේ ගෝලයන් සිව්දෙනකු පසුගිය 14 වැනිදා ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බැකෝ යන්ත්‍රයකින් කැණීම් කරද්දී, කුඹුරු ඉඩම්වලට වතුර ගලා යන ඇළක ඉවුර කැඩී යෑමේ චෝදනාව මත එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඊට පෙර දිනයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් අදාළ වරදට දඩ නියම කර තිබියදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
එම ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පතල් කැණීම් සිදු කරන ව්‍යාපාරිකයකුගේ වුවමනාව මත මෙම ස්ථානාධිපතිවරයා සෙසු ව්‍යාපාරිකයන්ට වැඩ කිරීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් ‘අරුණ – RIB’ කළ අනාවරණයෙන් පසු ලග්ගල ස්ථානාධිපතිවරයා මාරු කර යවා ඇත්තේ මැයි 09 වැනිදා ඇතිවූ කලහකාරී සිද්ධීන් පාලනය කර ගැනීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් විසිදෙදෙනා ද සමගිනි.
අරුණ – එෆ්. අස්ලම්

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි