පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා එහි හිටපු සභාපති චරිත
හේරත් ව නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී
යෝජනා කළා.
අද (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකයා විසින් අදාල යෝජනාව කරමින් පවසා සිටියේ, තම පක්ෂය නියෝජනය කරමින් මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්වෙච්ඡාවෙන් ම එයින් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් එම පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් නැවත යෝජනා කරන බව
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර කෝප් සහ කෝපා කමිටුවල සාමාජිකත්වයන් සඳහා ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නම් නො සලකා හැරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ දී දැඩි වාග් ප්‍රහාර ඇති වුණා.