ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
සුපිරි සිව්දෙනාගේ තරග වටයේ තරගයක් ලෙස මෙය අබුඩාහිදී පැවති අතර, මෙම ජයත් සමග පාකිස්තානයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමටද හැකිවිය.
මෙම තරග පාරජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ඇති හැකියාව ඉතා සීමිත විය.
පාකිස්තානය ජයග්‍රාගී ඉලක්කය පන්දුවාර 18 අවසානයේ කඩුළු 5ක් දැවී පසුකර යෑමට සමත් වුණා.
පාකිස්ථාන කණ්ඩායාම වෙනුවෙන්, සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 24ක් සහ ෆකාර් සමාන් ලකුණු 17ක් රැස් කරා.
එමෙන්ම, මොහොමඩ් හරිස් ලකුණු 13ක් ලබා ගත් අතර, සයිම් අයුබ් ලකුණු 02කට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ලකුණු 27කට කඩුළු 2ක් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරා.
ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 133 පමණයි.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම