Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට ඇප

9 months ago

අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා ඇප මත මුදාහැර තිබේ.

රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් ජීප් රථ 3ක් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලේඛන භාවිතයෙන් ලියාපදිංචි කිරීමේ සිදුවීමකට අදාළව ඔහු ඊයේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්අත්අඩංගුවට ගත්තේය.

සැකකරු දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරන අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වෙයි.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අයත් ලියාපදිංචි කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කරමින් මෙම ජීප් රථ ලියාපදිංචි කර ඇති බවය.

ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි යන වර්ගයන්ට අයත් මෙම ජීප් රථ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුක්ත බව වාර්තා වෙයි.

අත්අඩංගුවටගත් සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ පනහක ශරිර ඇප දෙකක් මත ඔහු මුදාහැර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *