ජනතා විමුක්ති පෙරමුණේ නීති කණ්ඩායමේ සේවය කළ බවට එල්ල වන චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රතික්ෂේප කර තිබේ.
ද අයිලන්ඩ් පුවත්පතට අනුව මෙම චෝදනා ස බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, අල්ලස් කොමිසම විසින් සිදුකරන තීරණාත්මක වැදගත් පරීක්ෂණ අඩපණ කිරීමට ඇතැමුන් හිතාමතා උත්සාහයක් ගනිමින් සිටින බවයි.
2004 ඔක්තෝබර් මාසයේදී අධිකරණය සේවයට සම්බන්ධ වීමට පෙර 2000 සිට 2004 දක්වා නීතිඥයකු ලෙස සේවය කළ බවත්, ඔහු කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු වැඩසටහනකට සම්බන්ධ වී නොමැති බවත් රංග දිසානායක පවසයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ තමන්ට එරෙහි ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් ඉදිරියේදී ඊට අදාළව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසා ඇත.
2014 දී තම පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේදී අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකළ බවට ව්‍යාජ චෝදනාවක් එල්ල කරමින් මීට පෙරද පුද්ගලයකු අල්ලස් කොමිසම අපකීර්තියට පත්කිරීමට උත්සාහ කළ බව ද රංග දිසානායක වැඩිදුරටත් පවසා ඇත.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි