වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ජීව අත්බෝම්බ 86ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
කිරිබත්ගොඩ පොලිස් වසමේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි ද පැවසෙනවා.
පුද්ගලයින් කිහිප දෙනකු ජීව අත්බෝම්බ 10ක් සමඟ පලා ගිය බවට ත්‍රස්ත මර්දන හා විමර්ශණ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරනවා.
එම විමර්ශනයට සමගාමිව පෙරේදා (30) මෝදර අළුත්මාවතේදී ජීව අත්බෝම්බ 10ක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබුණා.
මේ වන විට එම ජීව අත්බෝම්බ 10 මෝදර පොලිසිය භාරයේ ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හා මෝදර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවද පොලිස් මූලස්ථානය පවසනවා.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්