ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළ යමින් මේ වසරේ මුල් මාස 8ක කාලයේදී සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 417,000ක් (අමෙරිකානු ඩොලර් බිලියන 13.9) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා .
ඒ අනුව භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 273,000ක් (අමෙරිකානු ඩොලර් බිලියන 9.1) වන අතර සේවා අපනයන ආදායම රුපියල් කෝටි 144,000 (ඩොලර් බිලියන 4.8) දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මේ වසරේ අපනයන ආදායම පසුගිය 2024 වසරේ මුල් මාස අටක කාලයට සාපේක්ෂව සියයට 5.6%ක වර්ධනයක් පෙන්නුම් කරන බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩ අපනයන ආදායම 6.7%කින් සහ සේවා අපනයන ආදායම 3.5%කින් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
ඊට අමතරව මේ වසරේ අගෝස්තු මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 1,840ක අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,282ක් සහ සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 558ක් ඒ අතර වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි