රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රු බි 4,000ක් පමණ විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ආර්ථික ප්‍රතිපත්ති රැසක් සිදුකළ යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතුය. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අපි දැන් මුලපුරා තිබෙනවා. දශක ගණනාවක් පුරා මේ ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටවෙව්වා. 2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රු බි 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රු බි 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රු බි 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේක බිලියන 4,000ක් පමණ අලාභයක් තියෙනවා. මේ බර තවදුරටත් ජනතාව පිට වටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා.”

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්