රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රු බි 4,000ක් පමණ විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ආර්ථික ප්‍රතිපත්ති රැසක් සිදුකළ යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතුය. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අපි දැන් මුලපුරා තිබෙනවා. දශක ගණනාවක් පුරා මේ ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටවෙව්වා. 2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රු බි 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රු බි 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රු බි 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේක බිලියන 4,000ක් පමණ අලාභයක් තියෙනවා. මේ බර තවදුරටත් ජනතාව පිට වටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා.”

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ