ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ යෝජනා කරන ලද 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ අවසාන තීරණය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ වන විට, විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම ක්‍රියාත්මක වෙමින් පවතී.
එහි අවසන් වටය වන බස්නාහිර පළාතට අදාළ සැසිය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසාන තීන්දුව ගැනීමට නියමිතය.
මෙම ගාස්තු සංශෝධනය කිරීමේදී විදුලිබල පනතට සහ අදාළ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරයි.
මෙම ගාස්තු ඉහළ නැංවීමට හේතුව වී ඇත්තේ, මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1769ක හිඟයක් ඇති වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබීමයි.
යෝජිත 6.8%ක ගාස්තු වැඩිවීම තුළින් එම හිඟය පියවා ගැනීම CEBහි අපේක්ෂා කරයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති