කීරි සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ පවතින ගැටළුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
ප්‍රශ්නය – සහල් රටින් ගේන්න වෙයිද ? පාලන මිල ඉවත් කරන්න වෙයිද ? මොනවගේ තත්වයක්ද තියෙන්නෙ ?
“ඒක මට තීරණය කරන්න බැහැනෙ”
ප්‍රශ්නය – කීරිසම්බා හිඟයක් තියෙනවා කියලා කියනවා ?
“කීරිසම්බා හිඟවෙද්දී නාඩු හාල් කොච්චර වෙළඳපොලේ තියෙනවාද කියලා ඔයාලා ඒකත් බලන්න එපැයි මාධ්‍යවේදීන් වශයෙන්. රුපියල් 230 ට තිබ්බ නාඩු හාල් එක රුපියල් 170 ට තියෙනවා. රුපියල් 260 ට දෙන්න ඕනෙ කීරිසම්බා එක ඒ මිලට වෙළඳපොලේ නෑ. ඒකෙන්ම පේනවා මෙතන මේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මේ තියෙන්නෙ. නාඩු වී ගොඩාක් වැඩකරලා තියෙනවා, කීරිසම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් වැඩකරලා තියෙන්නෙ. ගොවියෝ විශේෂයෙන්ම මේ වී අඩු මිලකට දෙන්නෙත් නෑ. නමුත් ඉතින් රටේ නීතියට යටත්ව අපි කටයුතු කරන්නත් ඕනෙ. මේවගේ ඉතින් ප්‍රශ්න ගොඩක තමා ඉන්නෙ. මේවාට සුදුසු විසඳුම් දෙනවා නම් මේ හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් අපට”
ප්‍රශ්නය – කීරිසම්බා හිඟයට විසඳුමක් නැහැ නේ ?
“ඒකට මට කරන්න දෙයක් නැහැනෙ …”
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, වැඩි මිලට සහල් විකුණන වෙළඳසැල් සොයා පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කරන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්