Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති පුටුව අතහැරියත් නාමල් තවමත් ඇමති නිල නිවසේ

3 years ago 371

අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තවමත් රැඳී සිටින්නේ අමාත්‍ය නිල නිවසක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(06) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් නො ගෙවූ විදුලි බිලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා බහක් ඇති වූ අවස්ථාවේදීයි.

මේ අතර අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද පසුගිය අප්‍රෙල් මාසයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් මේ වන විටත් අදාල නිල නිවසේ රැඳී සිටින බව කියායි.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එම නිවසෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත්, තමන් ඉන් ඉවත් වීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් තමා මන්ත්‍රී සේවා අංශයට දැනුම් දී ඇති බවත් කියා සිටියා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව තවත් හිටපු අමාත්‍යවරුන් රැසක් ම නිල නිවෙස්වල
රැඳී සිටින බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *