අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තවමත් රැඳී සිටින්නේ අමාත්‍ය නිල නිවසක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද(06) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් නො ගෙවූ විදුලි බිලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා බහක් ඇති වූ අවස්ථාවේදීයි.
මේ අතර අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද පසුගිය අප්‍රෙල් මාසයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් මේ වන විටත් අදාල නිල නිවසේ රැඳී සිටින බව කියායි.
මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එම නිවසෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත්, තමන් ඉන් ඉවත් වීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් තමා මන්ත්‍රී සේවා අංශයට දැනුම් දී ඇති බවත් කියා සිටියා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව තවත් හිටපු අමාත්‍යවරුන් රැසක් ම නිල නිවෙස්වල
රැඳී සිටින බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළා.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්