කිසියම් සත්ත්ව දෂ්ඨනයක් හේතුවෙන් සිටි සිව් හැවිරිදි දරුවෙකු අකාලයේ මිළිනවීම පිළිබඳ පුවතක් හෝමාගම ලෙනගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
කඩියෙකු කෑ බව සිතා ප්‍රතිකාර පමාවීම මෙම මරණයට දැඩි ලෙස බලපෑ බවයි හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
සිව් හැවිරිදි වියේ පසුවූ මේ පුංචි මල් කැකුළ පදිංචිව සිටියේ හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ ආච්චීගේ සහ සීයාගේ රැකවරණය මතයි.
ඔහුගේ මව වෙනතක් බලා තිබීම හේතුවෙන් ආච්චී සහ සීයාගේ තුරුලේ හැදී වැඩුණු පුංචි උවිඳු නිම්සර ආච්චීට සහ සීයාට ඇවිටිලි කර තිබුණේ නිවස ආසන්නයේ විහාරස්ථානයක පැවති සර්කස් සංදර්ශනයක් බැලීමට රැගෙන යන ලෙස කියමින්.
ඒ අනුව නිවසින් නික්මෙනවාත් සමඟ නිවස අසලදී ඔවුන්ට මුහුණදීමට සිදු වුණේ මෙවන් අද්දැකීමකටයි.
අනතුරුව සර්කස් සංදර්ශනය භූමියට ගිය දරුවා එහි දුව පනිමින් හොඳින් විනෝද වී තිබුණා.
එහෙත් දරුවා හදිසියේ බඩ රිදෙන බව පැවසීම නිසා ආච්චී දරුවාව නිවසට රැගෙන විත් ඇති අතර, එහිදී දරුවා වමනය ඇතුළු සංකූලතා පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව දරුවා කඩිනමින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහෙත් එහිදී අසාධ්‍ය වූ පුංචි උවිඳු කිසිවෙකුටත් අදහාගත නොහැකි පරිදි ඊයේ සදහටම දෑස් පියා ගත්තා.
දරුවා දෙනෙත් පියාගැනීමට මත්තෙන් තමන්ගේ සියලු ඕනෑ එපාකම් සොයා බැලූ සිය මිත්තණිය හමුවේ පවසා තිබුණේ මෙවැන්නක්.
දරුවා සපා කෑ බවට සැක කෙරෙන සතෙකු පිළිබඳව මේ කවුරුවත් මොනවත්ම තවමත්ම දන්නේ නැහැ.
දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කර තිබෙන්නේ ඒ පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා දරුවාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමටයි.

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!