Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රංගගේ පුටුවේ අලකලංචිය එන සතියේ මැති සබයට

12 months ago

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.


ඔහු පත් කිරීමට අනුමැතිය දී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ව්‍යවස්ථා සභාවෙන් යැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ. මෙම ප්‍රකාශය සැලකිල්ලට ගෙන එම පත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කළේය

රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර ඇති බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද සමාජයේ ආන්දෝලනයක් මතුව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *