උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි.
උණුවතුර කල්දේරමක් උස් ස්ථානයක සිට පහලට ගැනීමට උත්සාහ උත්සහ කිරීමේදී එම රැඳවියා මාළු කල්දේරම තුලට වැටී ඇත්තේ ඉකුත් 28 වැනිදා බවත්, ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) මිය ගොස් තිබෙනවා.
මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
මිය ගිය සිරකරුවා බන්ධනාගාරගත වී ඇත්තේ, 2001 වසරේ මරණ දණ්ඩනයක් සඳහා වන අතර, මරණ දණ්ඩනය වසර විසි පහකට පරිවර්තනය වී 2028 වසරේ දී ඔහු නිදහස් වීමට සිටි සිරකරුවෙක්.
සිරකරුගේ මිය යාම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර තිබෙනවා.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට