Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙල් හිඟයක් ඇතිවන බවට පැතිර යන ආරංචිවලට ඇමති කාංචනගෙන් පිළිතුරු

3 years ago

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුණ ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පිරිපහදු කළ ඉන්ධන තොග ඇති බවයි ඔහු පවසන්නේ.

බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනුයි මෙලෙස පිරිපහදුව වසා දමා ඇත්තේ.

පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහබැංකුව විසින් සපයා දෙන අතර, පැවති විදේශ විනිමය යූරල් බොරතෙල් නෞකා දෙකකට ගෙවීම සඳහා වැය කිරීම මෙම තත්ත්වයට හේතු වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *