යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180ක මුදලකට මිල දී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ University of Queensland (UQ) හි මහාචාර්ය උදන්ත අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර තිබෙනවා.
මෙම යෙදවුම වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 කට මෙලෙස මිලදීගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඇදුම සහ නියුමෝනියාව ඇතුළු රෝග රාශියක බරපතලකම හඳුනා ගැනීමට සහ එහි බරපතලකම මැනීමට නාසයෙන් දියර ගැලීම හෝ උණ වැනි සරල රෝග ලක්ෂණ ස්වයං වාර්තා කිරීමද මෙම යෙදුම මඟින් සලකා බලන බවයි සඳහන් වන්නේ.
අප්‍රිකාවේ සහ ආසියාවේ ඉතා දුරස්ථ ප්‍රජාවන් තුළ ඔවුන්ට නවීන රෝහල්වලට ප්‍රවේශය නොමැතිවීම හේතුවෙන් නියුමෝනියාව වැනි මාරාන්තික රෝග හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බවද මහාචාර්ය උදන්ත අබේරත්න සඳහන් කර තිබෙනවා.
-citizen-

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී