රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් පනවා ඇති අතර, ඒ අනුව ගෙඩියක විෂ්කම්භය මිලිමීටර් 35 සිට 65 අතර විය යුතුය. එය ඉක්මවන හෝ අඩු වන ලූනු මුළු තොගයේ බරින් සියයට 10 කට අධික නොවිය යුතු බවද නියමිතය.
රජය නියම කළ ප්‍රමිතිය අනුව, ලොකු ලූනු කිලෝග්‍රෑමයකට ගෙඩි 8ක් පමණ අඩංගු විය යුතුය. එහෙත්, මෙම කොන්දේසි ගොවීන්ට පීඩාවක් බව ඔවුහු පවසති.
සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කළේ, රජය මිලදී ගන්නේ යළි අලෙවියට සුදුසු ලූනු බවය. මාතලේ, අනුරාධපුර සහ පොළොන්නරුවේ ගොවීන් පසුගිය මාසවල සිට අස්වැන්න නෙළූ නමුත් සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් ඔවුන් දැඩි අසරණභාවයකට පත්වී ඇත.
ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රු.140ක මිලකට යටත්ව රජය ගොවියෙකුගෙන් කිලෝ 2000ක් දක්වා මිලදී ගන්නා නමුත්, ඊයේ(28) දින දඹුල්ලේ ගබඩාවලට කිසිදු ගොවියෙකු ලූනු අලෙවියට පැමිණි නොමැති බව වාර්තා වේ.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්