Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ හා අලුත් කිරීමේ ගාස්තු ඉහළට

3 years ago 512

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සහ සංශෝධනය කිරීමේ ගාස්තු නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පළමු වරට අයදුම්කරුවෙකු සඳහා ලියාපදිංචි වී ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අය කරන ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා ඇති අතර මින් පෙර ඒ සඳහා අය කළේ රුපියල් 100 මුදලකි.

මේ අතර, සොරකම් කළ හෝ අස්ථානගත වූ ඒවා වෙනුවට අනුපිටපත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා රුපියල් 1,000 ක ගාස්තුවක් අය කෙරෙනවා.

තවද නොවැම්බර් 01 වැනිදා සිට ජාතික හැඳුනුම්පතේ විස්තර සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 500ක් දක්වාත් කල් ඉකුත් වූ හැඳුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 200 දක්වාත් ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *