වාර්තාවක් තබමින් අලෙවි වුණු කෝපි කෝප්පයක් පිළිබඳව පුවතක් අපට ඩුබායි රාජ්‍යයෙන් වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් 1,000ක්, එහෙමත් නැත්නම් රුපියල් තුන්ලක්ෂ හාරදස් තුන්සිය අනූ පහක් වැනි මුදලකට මේ කෝපි කෝප්පය අලෙවි වී තිබේ.
දැනට ලොව මිල අධිකම කෝපි කෝප්පය විදහටත් මෙය හඳුන්නු ලැබේ.
මෙම වාර්තාගත කෝපි කෝප්පය අලෙවි කර තිබෙන්නේ, ඩුබායි රාජ්‍යයේ පිහිටි කැෆේ එකකිනි.
පැනමා රාජ්‍යයේ දුර්ලභ කෝපි විශේෂයක් මේ කෝපි පානය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
මෙම මිල අධික කෝපි පානයේ රස බැලූ බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, එය අමුතු පැණි රසකින් යුක්ත වන බවයි.
කෙසේවෙතත්, මෙවැනි කෝපි කෝප්ප 400ක් පමණක් අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඩුබායි රාජ්‍යයේදීම ඩිරාම් 2,500කට එනම් අමෙරිකානු ඩොලර් 680කට පමණ අලෙවි වූ කෝපි කෝප්පයක් ලොව මිල අධිකම කෝපි කෝප්පය ලෙස වාර්තා අතරට එක්විය.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි