මෙම යුගයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ විශිෂ්ඨයන් දෙදෙනෙකු ලෙස ඉන්දියානු කණ්ඩායමේ වත්මන් නායක රෝහිත් ශර්මා හා විරාට් කෝලි සැලකිය හැකිය.
කෙසෙ නමුත් IPL ගත් කල රෝහිත් ශර්මා නායකයකු ලෙස කෝලි අභිබවමින් කුසලාන 5ක් දිනා ඇත.
මොවුන් දෙදෙනාගෙන් වඩා කවුරුන්ද හොද යන්න තෝරා ගැනීමේදි ඇති වූ සංවාදයකදී පී විග්නේශ් නම් 24 හැවිරිදි තරුණයෙක් එස් ධර්මරාජ් නම් 21 හැවිරිදි තරුණකු ඝාතනය කර ඇති බව තමිල්නාඩුවෙන් වාර්තා වේ..
රෝහිත් ශර්මාගෙ රසියකු වන විග්නේශ් හා විරාට් කෝලි රසිකයකු වන ධර්මරාජ් පසුගිය අගහරුවාදා රාත්‍රියෙ මල්ලුර් අසල සිඩ්කො කර්මාන්ත පුර අසල IPL තරගාවලිය පිලිබඳව සාකච්ඡා කරමින් මත් පැන් පානය කර ඇත.
විග්නේශ් RCB කණ්ඩායම හා විරාට් කෝලිට සමච්චල් කරමින් ධර්මරාජ් ගැනද පෞද්ගලික අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීම නිසා ධර්මරාජ් විසින් විග්නේශ්ට බෝතලයකින් පහර දී පසුව ක්‍රිකට් පිත්තකින්ද හිසට පහර දී ඇත.
පහරදීමෙන් පසු ධර්මරාජ් පලා ගිය අතර සිඩ්කො කම්හලේ සේවය කල කම්කරුවන් විසින් විග්නේශ්ගෙ සිරුර සොයාගෙන පොලිසියට භාර දී ඇත. පසුව පොලිසිය විසින් ධර්මරාජ් අත් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්