එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණාත්මක තීන්දු කීපයක් ගැනීමට එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අතර පක්ෂයේ ප්‍රධානතම තනතුරු 4ක් වෙනස් කිරීමට ගෙන ඇති තීන්දුව මේ වන විටත් පක්ෂය තුළ කතා බහක් ඇති කිරීමට සමත්ව ඇතැයි වාර්තා වනවා. පක්ෂයේ මහලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික යන තනතුරු මේ අනුව වෙනස්වීමට නියමිතයි.
මෙතෙක් පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් දිගින් දිගටම පාක්ෂිකයන්ගෙන් එල්ලවන චෝදනා නිසා එජාප මහලේකම් ධුරය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට භාර දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මේ අවස්ථාවේදී එජාපය දරුණු මූල්‍ය අර්බුදයක සිටින බැවින් ඊටද හොඳම විකල්ප රවි කරුණානායක මහතා සතුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව වාර්තා වනවා.
ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පදවියේ කටයුතු කරන බැවින් ජාතික සංවිධායක තනතුරේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට කාලය සොයා ගැනීමට අපහසු බැවින් තමා ජාතික සංවිධායක තනතුරින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් රවි කරුණානායක මහතාගේ නම හැර අනෙක් තනතුරු සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති බව පැවසෙනවා.
-asianmirror-

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට