ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව ඇත.
ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව අද (8) පැවති තරගයේ දී ඔවුන් මෙම වාර්තාව පිහිටුවා තිබේ.
මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (50) හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් (17) නම් පිය-පුතු යුගලයයි.
කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීය.
ඔවුන් පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කළ ලබාදුන් ලකුණු 62ක ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඉන්දුනීසියාවට හැකිවිය.
එහිදී සුහයිල් පියා ලකුණු 14කට දැවී ගිය අතර, සුහයිල් පුත්‍රයා එක් ලකුණකට දැවීගියේය.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට