ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි.
IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය.
“මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් අනුමත වූ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් සඳහා ප්‍රවේශය හිමි වනවා. ඉදිරි සති කිහිපය තුළදී ඒ සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වනු ඇති බව අපි අපේක්ෂා කරනවා.
අයවැය ගැන මට කිව හැක්කේ 2026 අයවැය IMF වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල දැයි අපේ කාර්ය මණ්ඩලය ප්‍රකාශයට පත්කරන ලද අයවැය ලේඛන අධ්‍යයනය කරමින් සිටින බවයි. මෙම ඇගයීම විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා විශේෂයෙන් වැදගත් වනවා. එය ඉදිරි සති කිහිපය තුළ සිදුවේවි. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය ගැන සලකන විට ඒවා ශ්‍රී ලංකාවේ හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීම උදෙසා තීරණාත්මකයි.”

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්