රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා.
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර තිබෙනවා.
ඇතැම් ඖෂධවල මිල සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.
දැනටමත් මිල අඩුකර ඇති ඖෂධවල ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.
ඉදිරි සතියේ දී තවත් ඖෂධ වර්ග 200ක පමණ මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා එම ඖෂධ අලෙවි කරන අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද නියමිතයි.
ඔසුසල්වල පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියමකර ඇති මිලටම ඖෂධ ලබාදිය යුතු වනවා.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්