ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන ආකාරයේ වීඩියෝවක් පිළිබඳව පසුගිය දින කිහිපයේදී මාධ්‍ය රැසක පළ විය.
ඒ අනුව අදාළ විදේශීය කාන්තාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙතට ලැබුණු පැමිණිල්ලක් මත එම සිද්ධියට අදාල සැකකරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එම සිද්ධියට මුහුණ දුන් නවසිලන්ත කාන්තාව විසින් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත සටහනක් එක කරමින් ඇය පවසා සිටින්නේ මෙම සිද්ධිය එක් සිදුවීමක් පමණක් බවත් එවැනි එක් සිදුවීමක් මඟින් රටක් නිර්වචනය නොකරන බවයි.
ඒ වීඩියෝව මේ තරම් ව්‍යාප්තව යයි කියලා මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඒකෙන් කාන්තා ආරක්ෂාව, තනි ගමන සහ අපි තවමත් මුහුණ දෙන යථාර්ථය පිළිබඳ සැබෑ සංවාද ආරම්භ වෙනවා නම්, ඒක වටිනවා.එක් සිදුවීමක් රටක් නිර්වචනය කරන්නේ නැහැ, ඒක තනි කාන්තා ගමන නිර්වචනය කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි ස්ථානයක්, මට මගේ මුළු මාසය පුරාම පාරේ ආරක්ෂිත බවක් දැනුණා. කරුණාකර එක් පිරිමියෙකුගේ හැසිරීම සමස්ත සංස්කෘතියක් පිළිබඳ ඔබේ දැක්ම හැඩගැස්වීමට ඉඩ නොදෙන්න.කාන්තාවන්ට ඕනෑම තැනක බියෙන් තොරව ගමන් කිරීමට හැකි විය යුතුයි. ඒ වගේම අපි ඒක සාධාරණීකරණය කළ යුතු නැහැ. සහයෝගය එවූ සැමට සහ මෙතරම් ඉක්මනින් ක්‍රියා කිරීම ගැන ශ්‍රී ලංකා සංචාරක පොලිසියට ස්තූතියි. සංවාදය දිගටම කරගෙන යමු, නමුත් මතක තබා ගනිමු: ලෝකය හොඳ මිනිසුන්ගෙන් පිරී ඇත.
–

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම