පෙර පාසල් දරුවන් අට දෙනකු හා කාන්තාවක් ගමන් ගත් ත්‍රිරෝද රථයක සිටි දැරියකගේ හිස මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් එම දැරිය මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට , බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්.
මියගිය දැරිය ලබුගම ප්‍රදේශයේ පෙර පාසලක අධ්‍යාපනය ලබන අතර පෙර පාසල නිම වීමෙන් අනතුරුව එම පෙර පාසලේ මිතුරු මිතුරියන් හත් දෙනෙකු සමග සුපුරුදු ලෙස ත්‍රීරෝද රථයකින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා.
පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථය මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයට පැමිණෙමින් සිට ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ත්‍රී රෝද රථයෙන් පිටතට හිස යොමාගෙන සිට ඇති දැරියගේ හිස වැදී ඇති බවයි.
බරපතල තුවාල ලද දැරිය හල්තොට දිසා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව එහි සිටි වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත යොමු කරන විටත් දැරිය මියගොස් සිටි බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මෙන්ම ත්‍රිරෝද රථ රියදුරුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී