ඔන්ලයින් පාඩම් පවත්වන සිය ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කර එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි ඇඹිලිපිටිය, සූරියකන්ද විහාරස්ථානයක 17 හැවිරිදි හිමිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර හිමිනම ඔන්ලයින් පන්තියකට සහභාගි වී ඇති අතර එම පන්තිය පවත්වන ගුරුවරිය කෙරෙහි හිමිනමට කැමැත්තක් ඇතිවී තිබේ.
අදාළ පන්තිය පවත්වන වස්ට්අප් සමූහය මාර්ගයෙන් හිමිනම සිය ආදර අදහස් ගුරුවරියට දන්වා තිබේ.
නමුත් ඊට අකමැති වූ ගුරුවරිය අදාළ හිමිනම වට්ස්අප් සමූහයෙන් ඉවත් කර ඇත. ඉන් පසු හිමිනම ගුරුවරියගේ මුහුණ සහිත ඡායාරූපය නිරුවත් ඡායාරූපයකට පොටෝසොප් ඇසුරින් බද්ධ කර එකී වට්ස්අැප් සමූහයේ සියලුම අයට දැකගත හැකිවන ලෙස බෙදාහැර ඇති බව අදිකරනයේදී අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් ගුරුවරිය කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
වට්ස්අප් සමූහයෙන් ඉවත් කර ඇති බව දැනගැනීම සමග උරණ වූ තමා අසභ්‍ය ඡායාරූපයකට අදාළ ගුරුවරියගේ හිස බද්ධ කර එම ඡායාරුපය වට්ස්අප් සමුහයට එක්කළ බව හිමිනම පිළිගත්තේය.
සැකකාර හිමි නම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා අන්තර්ජාලය මෙන්ම පරිගණක සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇත්තකු නොවන බවත් ගුරුවරිය වට්ස්අප් සමුහයෙන් ඉවත්කළ තරහට උරණව ක්ෂනික කෝපය මත මෙලෙස සිදුකර ඇති බවත් කියා තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ 17 වියැති සාමණේර හිමිනම රුපියල් ලක්ෂ 05ක ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (18) නියෝග කළේය.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ