පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400
ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 ක් දක්වා අඩුවී ඇති බවයි.
එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී ඇති බවයි එම සංගමය සඳහන් කළේ.
මේ අතර තිරිඟු පිටි කිලෝවක තොග මිලද රුපියල් 265 ත් 280 ත් අතර මිලකට පිටකොටුව
තොග වෙළදපොලේ අලෙවි වනවා.