Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උඩරට දුම්රිය පාර ඇහෙන කණගාටුදායක පුවතක්

5 months ago

ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ‘ලංකාදීප’ පුවත්පතට පවසා තිබේ.

ගංවතුරින් පේරාදෙණිය පාලමට විශාල හානියක් වී ඇති බවත් පාලම පිළිසකර කිරීම අද විශාල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.

පේරාදෙණිය පාලම අලුත් වැඩියා කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාද ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් පේරාදෙණියට ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු පියවර ලෙස එම පාලමේ සිරවී ඇති විවිධ අපද්‍රව්‍ය නාවික හමුදාව යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

දුම්රිය මාර්ගයේ ඉහළ ප්‍රදේශවල දුම්රියන් අටක් පමණ සිරවී ඇති බවත් ඒවා නැවත රැගෙන ඒමට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

කෙසේ වෙතත් එම අභියෝගය භාරගෙන සියලු කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන මහනුවර දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කළේය.

මේ අතර දුම්රිය සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් ගංවතුර විපතට හසුවීම හේතුවෙන් මාර්ග සහ පිළිසකර කටයුතු සඳහා සේවකයන් ප්‍රමාණවත් පරිදි යෙදවීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තාවේ.
පාලම්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *