තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදුකිරීමට නියමිතය.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පෙත්සම් විභාගය දැක බලාගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවට පැමිණියේය.
පසුගිය 09 වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද දිනය දක්වා කල්දැමුණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවය.

අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්
බොරතෙල් බැරලයේ මිල අහස උසට නගී
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ගැටුමක්
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම කල් තබයි
පාතාල තර්ජන මැද දෙවිනුවර දේවාලයේ පෙරහැර මංගල්‍ය අද ඇරඹේ! පොලිසියෙන් නිවේදනයක්!
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් කෙරේ
ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
ගුරුවරුන්ට දැනුම්දීමක්
දේශබන්දු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්