කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී පිස්තෝලයක් සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මීට අමතරව, ගැටුම අතරතුර තුවාල ලැබූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු, ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පිරිසක් විසින් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝලය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා විධිමත් පරීක්ෂණයක් සිදු කර, කඩිනමින් සත්‍ය තොරතුරු අනාවරණය කරගන්නා ලෙසත්, සිය පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව සහ නීතිමය අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත්, චීන තානාපති කාර්යාලය පොලීසියෙන් ඉල්ලා තිබෙනවා.

අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්
බොරතෙල් බැරලයේ මිල අහස උසට නගී
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම කල් තබයි
පාතාල තර්ජන මැද දෙවිනුවර දේවාලයේ පෙරහැර මංගල්‍ය අද ඇරඹේ! පොලිසියෙන් නිවේදනයක්!
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් කෙරේ
ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
ගුරුවරුන්ට දැනුම්දීමක්
දේශබන්දු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්