දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙළි පෙරහැර අද (23) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් ලෙස ආරම්භ වේ.
එළඹෙන ජූලි 28 වනදා කාවඩි පෙරහැර ද, ජූලි 29 වනදා අවසන් මහා රන්දෝලි පෙරහැර ද වීථි සංචාරය කිරීමට නියමිත අතර, රන්දෝලි පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතය.
කාවඩි පෙරහැර පැවැත්වෙන 28 වනදා සහ රන්දෝලි පෙරහැර පැවැත්වෙන 29 වනදා යන දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පෙරහැර කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා බැවින්, එම කාලසීමාව තුළ ඇතිවිය හැකි අධික රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
- මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන:
- මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර – යටියන මාර්ගයට පිවිස, කැකනදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැක.
- තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන:
- තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී, නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස්, දික්වැල්ල – වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ මාතර දක්වා ගමන් කළ හැක.
පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 100ක් ඇතුළුව බුද්ධි අංශ නිලධාරීන් ද රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්
බොරතෙල් බැරලයේ මිල අහස උසට නගී
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ගැටුමක්
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම කල් තබයි
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් කෙරේ
ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
ගුරුවරුන්ට දැනුම්දීමක්
දේශබන්දු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්