අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ.
ඒ සඳහා අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.
සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.
පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්රදාය බවත් තවදුරටත් පැවසූහ.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි