සමාජ මාධ්‍ය මෙවලමක් වන වට්සැප් මඟින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්යයන් ගණනාවක් සිදුකරනු ලබයි.
කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලාවල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුළුවන්.
විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී වට්සැප් විසින් සිය පරිශීලකයන් වෙතට “View Once” නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබීය.
මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාවයි.
කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මසදී වට්සැප් නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වළකා දමන බවත්ය.
මෙලෙස ලබාදීමට අදහස් කරන Feature එක Android Beta Version එකක් ලෙස මෙන්ම iOS Beta Version එකක් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙන අතර මෙම Feature එක ඉදිරියේදී නිල වශයෙන් වට්සැප් සඳහා ලබාදීමට සූදානම් වන බව සඳහන් වේ.
මෙම පහසුකම ඔස්සේ පණිවුඩය ලබන්නා හට View Once ආකාරයේ පණිවුඩයක අන්තර්ගත වන කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් කිසිදු ආකාරයකින් පටිගත කිරීමකට හෝ නැවත Screenshots ආධාරයෙන් ලබ ගැනීමට හැකියාව නොලැබේ.
කෙසේ වෙතත් මෙම පහසුකම තවමත් ස්ථිරවම වට්සැප් සඳහා ලබාදී නැති අතර තවමත් Android සහ iOS පරිශීලකයන් තුළ පරීක්ෂණ මට්ටමේ පවතී.

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්