Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වට්සැප් වල අලුතෙන් වෙන්න යන වෙනස සම්බන්ධයෙන් වට්සැප් පරිශීලකයින්ට පණිවිඩයක්

2 years ago 8 K

සමාජ මාධ්‍ය මෙවලමක් වන වට්සැප් මඟින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්යයන් ගණනාවක් සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලාවල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුළුවන්.

විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී වට්සැප් විසින් සිය පරිශීලකයන් වෙතට “View Once” නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබීය.

මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාවයි.

කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මසදී වට්සැප් නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වළකා දමන බවත්ය.

මෙලෙස ලබාදීමට අදහස් කරන Feature එක Android Beta Version එකක් ලෙස මෙන්ම iOS Beta Version එකක් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙන අතර මෙම Feature එක ඉදිරියේදී නිල වශයෙන් වට්සැප් සඳහා ලබාදීමට සූදානම් වන බව සඳහන් වේ.

මෙම පහසුකම ඔස්සේ පණිවුඩය ලබන්නා හට View Once ආකාරයේ පණිවුඩයක අන්තර්ගත වන කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් කිසිදු ආකාරයකින් පටිගත කිරීමකට හෝ නැවත Screenshots ආධාරයෙන් ලබ ගැනීමට හැකියාව නොලැබේ.

කෙසේ වෙතත් මෙම පහසුකම තවමත් ස්ථිරවම වට්සැප් සඳහා ලබාදී නැති අතර තවමත් Android සහ iOS පරිශීලකයන් තුළ පරීක්ෂණ මට්ටමේ පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *