22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය, 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීම සඳහා කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් වූ සංශෝධනයට අනුමැතිය හිමිවූ බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදු කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යළි සංශෝධනයට ලක් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබුණා.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන්නේ එම සංශෝධන සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර
ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවටයි.
ඉන් අනතුරුව අදාළ 21 වන සංශෝධනය ඉවත් කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවා.
කෙසේ වෙතත්, 22 වන ව්‍යවස්ථා සංශෝධනය, 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළ සංශෝධනයට අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ධුරයෙන් ඉවත් කිරීම සදහා අධිකරණයට යාමේ අවස්ථාව ජනතාවට හිමිව තිබෙනවා.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී