නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.
රණතුංග ඇමතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මෙම කණ්ඩායමේ අදහස් විමසීමක් සිදු කරනු ලබයි. 2015 දී “මහින්ද සුළඟ” වේදිකාවට නැඟීමට පෙර ද රණතුංග මහතා මෙම දේශපාලන මණ්ඩලයේ මතය මෙලෙස විමසා තිබිණ.
වාර්තා වන අන්දමට මෙම රහස් ඡන්ද විමසීම සිදුව ඇත්තේ පෙරේදා (20) රාත්‍රියේ මිනුවන්ගොඩ මාබොදල ප්‍රදේශයේ පිහිටි රණතුංග මහතාගේ හිතවතකුට අයත් උත්සව ශාලාවකදීයි.
පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න දෙකක් විමසා තිබී ඇත. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය බාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න දෙකයි. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත. දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිඵලය දැනට විදේශ ගතව සිටින ඇමතිවරයාට දැනුම් දෙන බවයි.
වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. ඔහු මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි.
(lankadeepa)

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්