හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබෙනවා.
දූෂණය නැමැති වරද සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා අද දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනවාදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීතිය අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම සඳහන් කළේ සැකකාර අර්ජුන රණතුංග මේ වන විට විදේශගතව සිටින බවත් ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකාර ධම්මික රණතුංග රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමෙන් වළකින ලෙසත් ඔහුට අවවාද කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුගේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව