අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සංචාරක සීමාවන් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා පුළුල් කළ බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, මෙය වසරේ මුලදී ප්‍රකාශයට පත් කරන ලද පුළුල් සීමාවන් බලපාන රටවල් සංඛ්‍යාව දෙගුණ කිරීමක්.
නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලේඛන මත සංචාරය කරන්නන් ද ඇතුළත් කර ඇති අතර, තවත් රටවල් 15කට නව සීමාවන් පනවා තිබෙනවා.
බුර්කිනා ෆාසෝ (Burkina Faso), මාලි, නයිජර් (Niger), දකුණු සුඩානය, සිරියාව සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද සංචාරක ලේඛන සහිත පුද්ගලයින්ට මෙසේ සම්පූර්ණයෙන් අමෙරිකාව තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එසේම ඇන්ගෝලාව (Angola), ඇන්ටිගුවා සහ බාබුඩා (Antigua and Barbuda), බෙනින් (Benin), අයිවරි කෝස්ට් (Ivory Coast), ඩොමිනිකා (Dominica), ගැබොන් (Gabon), ගැම්බියාව (Gambia), මලාවි, මොරිටානියාව (Mauritania), නයිජීරියාව, සෙනෙගාලය (Senegal), ටැන්සානියාව, ටොංගා (Tonga), සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවලට අර්ධ වශයෙන් සීමා පනවා තිබෙනවා.
මෙම පියවර මගින් අමෙරිකාවට සංචාරය කිරීමට හෝ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සීමා පැනවීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, විචාරකයින් පෙන්වා දෙන්නේ එය පුළුල් පරාසයක රටවල ජනතාවගේ සංචාර අසාධාරණ ලෙස වළක්වන බවයි.
ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කළ පරිදි, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට පනවා ඇති සම්පූර්ණ තහනම සහ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියෝන්, ටෝගෝ, තුර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවලට පනවා ඇති සීමාවන් එලෙසම පවතිනවා.
කෙසේ වෙතත්, ලාඕසය සහ සියරා ලියෝන් සඳහා පනවා තිබූ සීමා දැන් සම්පූර්ණ තහනමක් දක්වා නිවේදනය කර ඇති අතර, තුර්ක්මෙනිස්තානය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්