පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ.
ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි.
ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව පොලීසිය පැවසුවේ.

නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්