පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ.
ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි.
ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව පොලීසිය පැවසුවේ.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්