තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෑතකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් මොනරාගල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අදාළව තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්