තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පුහුණුවීම් සඳහා ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා පිටත්කර යැවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ දිනවල විවිධ අබාධයන්ට ලක්ව සිටින අතර ඉන් ක්‍රීඩකයින් තිදෙනෙකුටම ආබාධ තත්ත්වය හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට පවා සිදු විය.
ඉදිරි තරගවලදී කිසියම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යොමුකරන බවයි වාර්තා වන්නේ.
මේ අතර ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක සුළු ආබාධ සහිතව තවමත් ශ්‍රී ලංකා සංචිතය තුළ රැඳී සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.
ඒ අනුව පැතුම් නිස්සංක හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පවතින තරගයට සහභාගී වීමට නියමිතය.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට