Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ඕස්ට්‍රේලියාව බලා පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තීරණයක්

3 years ago 1.7 K

තවත් ක්‍රීඩකයින්  තිදෙනෙකු පුහුණුවීම් සඳහා ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා පිටත්කර යැවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ දිනවල විවිධ අබාධයන්ට ලක්ව සිටින අතර ඉන් ක්‍රීඩකයින් තිදෙනෙකුටම ආබාධ තත්ත්වය හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට පවා සිදු විය.

ඉදිරි තරගවලදී කිසියම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යොමුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක සුළු ආබාධ සහිතව තවමත් ශ්‍රී ලංකා සංචිතය තුළ රැඳී සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඒ අනුව පැතුම් නිස්සංක හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පවතින තරගයට සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *