උපයන විට අයකරන බද්ද හේතුවෙන් තමන්ගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා.
එහි සභාපති ප්‍රභාත් පලිපාන මහතා කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ
බව සඳහන් කළා.
එමෙන්ම මසකට රුපියල් ලක්ෂය වැටුපක් ලබා ගන්නා හෙද සේවකයින්ගෙන් රුපියල් 6000ක මුදලක් රජය විසින් අයකරගැනීමට ගත් තීරණය ඉවත්කර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
එළඹීමට සිදුවන බවයි සමස්ත ලංකා හෙද සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසන්නේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය මගිනි. එයට වෛද්‍ය,හෙද,පරිපූරක හා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් අයත් වේ.