තම අවුරුදු තුනහමාරක සිඟිති දියණිය සමඟ පෙරේදා (24) සවස දුම්රියට පැන්න තරුණ එක්දරු මව මියගොස් ජීවිතය බේරුණු දියණිය ඊයේ (25) පෙරවරුවේදී පියාට බාරදුන් බව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා පැවසීය. උතුරු දිග දුම්රිය මාර්ගයේ වැල්ලව සහ වරද්දන අතර ප්‍රදේශයකදී මෙම සිද්ධිය වී ඇති අතර දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී යාමෙන් තුවාල ලබා බේරුණු දියණිය මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.
හිරිපිටිය නිකදළුපොත, වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දොම්පේගම ආරච්චිලාගේ දයානී සුජීවා කුමාරි නමැති 32 හැවිරිදි විවාහක එක්දරු මව මෙම සිද්ධියෙන් දුම්රියේ හැපී මරණයට පත්ව ඇති බවට හඳුනාගත් බව වැල්ලව පොලිසිය කියයි. කොළඹ සිට වවුනියාව බලා ධාවනය කරමින් තිබූ යාදේවි ශීඝ්‍රගාමී දුම්රියේ හැපී කාන්තාව මියගියාය.
දරුවාගේ වම් පාදයේ ස්ථාන දෙකක බිදීම් ඇතිවී තිබීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කළ බවද මේ වනවිටත් ඇය යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
පවුල් ප්‍රශ්න මත ඇතිවූ කලකිරීමෙන් පසුව එක්දරු මව මෙම සිද්ධියට මුහුණ පාන්නට ඇතැයි කියා සැක කරන බව පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ විවාහක සැමියා ඊයේ (25) පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ තම දරුවා බාරගත් බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය. මහව, නාගොල්ලාගම පිහිටි තම මහගෙදරට යන බව පවසමින් එදින ඇය දරුවාද සමඟ නිවසින් පිටව ගොස් ඇති බවද අනාවරණය වී තිබේ. දුම්රියේ හැපීමෙන් එම කාන්තාවගේ සිරුරට දැඩි හානි සිදුවී ඇති බවද කියයි. අනතුර සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
පුෂ්පකුමාර ජයරත්න

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි