අළුත්ගම සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ පලමු වසරට ලමුන් ඈතලත් කිරිමේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පාසල නිර්දේශ නොකරන ඇඳුමකින් පාසල් පරිශ්‍රයට පැමිණි කාන්තාවක්ව සේවයේ නියුතුව සිටි පාසලේ දිවා මුර කාර කාන්තාව විසින් ස්ථානයෙන් ඉවත් කිර තිබෙන සිද්ධියක් මුල් කරගෙන මුරකාර කාන්තාව සේවය නිම කර පස්වරුවේ නිවසට යන අතරතුර ඇයට අශෝභන ඇඳුමෙන් පාසලට පැමිණි කන්තා පාර්ශ්වය පහරදී තුවාලසිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ මුරකාරිය විදුහල්පතිනි දැනුවත් කර අලුත්ගම පොලිසියට පැමිණිලි කර දර්ගානගරය රජයේ රෝහලට ඇතුළත් වී තිබෙන බව පොලිසිය කියයි.
පාසල් සංවර්ධන සමිතිය මගින් සේවයේ යොදවා තිබෙන පහරකෑමට ලක්ව ඇති මෙම 52 හැවිරිදි කාන්තාව විසින් එදින සම්මුඛ පරීක්ෂණය පැවැති අවස්ථාවේ පාසල් භූමියට දිග කලිසමකින් සහ අත් රහිත හැට්ටයකින් සැරසී කාන්තාවක්වක් පාසල් භූමියට පැමිණ ඇත.
විදුහල්පතිනිය ඇතුළු පාසල් සංවර්ධන සමිතිය ගෙන ඇති තීරණයක් මත එවැනි ඇඳුමකින් සැරසී පාසලට නොපැමිණෙන ලෙස දන්වා තිබියදී එලෙස පැමිණි කාන්තාව මුර සේවයේ නියුතු සේවිකාව විසින් පාසල් පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙන අතර එම කාන්තාව සේවය නිමවා යන අතරතුර මුල්ල පිටියේ ඇගේ නිවස ආසන්නයේදී තවත් කීප දෙනෙකු පහරදී තිබෙන බව පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව පහරදුන් බව කියන කාන්තාව ඇතුළු කීප දෙනෙක් ද මුරකාර කාන්තාව පහර දුන් බව කියා අලුත්ගම පොලිසියට ඔවුන් ද පැමිණිලි කර තිබෙන බව අලුත්ගම පොලිසිය කියයි.
- අලුත්ගම තුසිත කුමාර ද සිල්වා –

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු