අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවෙයි.
ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුගියදා මෙම යුවල සුපුරුදු පරිදි මත්පැන් පානය කර වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා කලකට පෙර සියදිවි හානිකරගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන් දෙදෙනාට තවත් පුත්‍රයෙකු සහ දියණියක් සිටින අතර දියණිය විදේශගතව සිට එවන මුදල්වලින් මෙලෙස දෛනිකව මත්පැන් පානයට ඇබ්බැහි වී සිට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
බඩල්කුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්