ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,600ක් ඉක්මවා ගොස් තිබූ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 84 ඉක්මවූ අගයක සටහන්ව තිබුණි.
ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ රන් සහ රිදී මිල වේගයෙන් ඉහළ යනු නිරීක්ෂණය වුණි.
මේ වනවිට නැවතත් රන් සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගෙවුණු දිනය තුළ නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රත්රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගිය අතර එය දැක්වුණේ ඩොලර් 4,612ක් ලෙසය.
ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රත්‍රං මිල ඩොලර් 4,600 ඉක්මවා ගොස් තිබුණේ සියයට 2ක පමණ ඉහළ යාමක් ද සමඟින්.
මේ අතර නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රිදී මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රිදී අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 84ක් ලෙසය.
එමෙන්ම ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එයද ඩොලර් 84ක් ලෙස දැක්වේ.
මේ අතර මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ද රු 3,000කින් අද (12) දිනයේ ඉහළ ගොස් ඇත.
ඒ අනුව කැරට් 24 රන් පවුමක් රු 365,000ක මිලක් සහ කැරටු 22 රන් පවුමක් රු 337,600ක මිලක් වාර්තා වී තිබුණි.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට