අළුබෝමුල්ල ප්‍රදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වෙයි.
තමාට නින්ද යාම හේතුවෙන් දෑතේ සිටි මාස දෙකහමාරක් වයසැති බිලිඳිය බිම වැටී මියයාමේ පුවතක් සම්බන්ධයෙන් අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයේ පදිංචි පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වනදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, දින තුනක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව බිලිඳිය මියගොස් ඇත. මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ හිසේ දකුණු පස ඇති වූ තැලීමක් හේතුවෙන් මොළයට රුධිරය වහනය වී ලේ කැටියක් සිරවීම මරණයට හේතුවී ඇති බවයි.
මුල් අවස්ථාවේදී මරණ පරීක්ෂකවරයා හමුවේ මව සහ පියා ප්‍රකාශ කර ඇත්තේ දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, පොලිස් විමර්ශන දැඩි වීමත් සමඟ පියා විසින් පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පසුගිය 06 වනදා තමන් රාත්‍රී වැඩමුරය අවසන් කර 07 වනදා උදෑසන 06.15 ට පමණ නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී දියණිය කාමරයේ ඇඳ මත තනිව සිටි බව දැක දරුවා අතට ගෙන මුළුතැන්ගෙට ගොස් පසුව නිවසේ ඉදිරිපස පුටුවක් මත වාඩිවූ බවය.
මඳ වේලාවකින් දරුවා හඬන්නට වු බැවින් තමන් පුටුවෙන් නැගිට දියණිය අතට ගෙන ඇවිදිමින් ඇය නැලවූ බවත් එම අවස්ථාවේදී නොදැනීම තමන්ට නින්ද ගොස් දියණිය තම අතින් ගිලිහි බිම වැටි ඇති බවත් තමන් එකවරම අවදි වුයේ දියණියගේ හැඬීමේ ශබ්දයට බවත් පියා පොලීසියට පවසා ඇත.
පසුව අසල්වැසියෙකුට කතා කර දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියබවත් අනතුරුව දරුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ළමා රෝහල වෙත එදිනම මාරුකර යැවූ බවත් එයින් දින තුනකට පසු දරුවා මියගිය බවත් තමාට ඇතිවූ බිය නිසා නිවසේදී සිදුවූ අනතුර කිසිවෙකුටත් නොකී බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
අත්අඩංගුවට ගත් පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අළුබෝමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි