දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) දිනයේදී මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ මුහුදු ප්‍රදේශවල රළු ස්වභාවයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාත, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වේ. ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.
ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ